ටිකිරිගේ බ්ලොග් සටහන්, ඔබට අවශ්‍ය දැනුම යාවත්කාලීන කරගන්න..

Wikipedia

Search results

Saturday, January 5, 2019

මුහුණේ කුරුළෑ ඔබටත් ගැටලුවක්ද... එසේනම් කියවන්න

1 මි පැණි ප්‍රතිකාරය

මි පැණි කුරුලෑ ලප සඳහා කදිම පිලියමක් බවට ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. මී පැණි යනු ප්‍රබල ප්‍රතිජීවක, විෂබීජනාශක හා ප්‍රතිඝතිදාරක නියෝජිතයෙකි.


i රාත්‍රී නින්දට කලින් ඇඟිලි තුඩට මි පැණි බිඳක් බැගින් ගෙන කුරුලෑ කැළැල් මත පටලයක් සේ තවරගන්න.
ii පසුවදා පිරිසිඳු වතුරෙන් මුව සෝදාගන්න
iii කුරුලෑ කැළැල් එතරම් දරුණු නොවේ නම් පය බාගයක් පමණක් තබා සෝදා හරිය හැක.







2 ලෙමන් යුෂ
විටමින් C බහුල ලෙමන් යුෂ සමට අවශ්‍ය කොලජන් නිෂ්පාදනයද උත්තේජනය කරනවා.


i පිරිසිඳු බඳුනකට ලෙමන් ගෙඩියක යුෂ මිරිකාගන්න
ii ඇඟිලි තුඩු අධාරයෙන් ලෙමන් යුෂ බිංදුව බැගින් කුරුලෑ කැළැල් මත තවරාගන්න

iii ඔබට ඇත්තේ සංවේදී සමක් නම් ලෙමන් යුෂ සමඟ ජලය ස්වල්පයක් මිශ්‍ර කරගන්න.
iv දිනකට වරක් බැගින් සති තුනක් කිරීමෙන් කුරුලෑ කැළැල් මැකී යනු ඇත.

3 කෝපි
ප්‍රියජනක උදැසන පැනයකට අමතරව කුරුලෑ ස්ක්‍ර්බ් එකක් ලෙසද කලකට ඉහතදී සිටම කෝපි කුඩු ක්‍රියා කරනවා.


i මුලින්ම මුහුණ සෝදා පිරිසිඳු කරගන්න
ii කෝපි කුඩු ටිකකට ජලය ස්වල්පයක් එකතු කරගන්න.
iii දැන් මෙම මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන වක්‍රාකාර ලෙස සම මත පිරිමදිමින් මුව සම්බාහනය කරගන්න.
iv දැන් විනාඩි 5ක් හෝ 10කට පසු මෙය සෝදා හරින්න

4 කෝමාරිකා
කෝමාරිකා යනු ඖශධිය ගුණ රාශියක් ඇති පැළෑටියකි. මෙය මුහුණේ සෞක්‍යය සඳහා යොදාගන්නා විවිධ ක්‍රම තබුනත් එය කුරුලෑ කැළැල් සඳහා යොදාගත හැකි සරලම ක්‍රමය මෙයයි.


i පිරිසිඳු කෝමාරිකා කොලයක් කපාගෙන එහි මදය ප්‍රවේසමෙන් සුරාගන්න.
ii මෙය සම මත අලේප කොට විනාඩි 5-10ක් තබාගන්න.
iii දවසට දෙවරක් බැගින් මෙය කරන්න






5 ඔලිව් තෙල්
ලප කැළැල් මකාලිමෙහි ලා ඔලිව් තෙල් විශාල ලෙස යොදාගන්නා බව ප්‍රසිද්ධ සත්‍යයක්.

i මුලින්ම මුහුණ සෝදා පිරිසිඳු කරගන්න
ii දැන් ඇඟිලි තුඩු වලට ඔලිව් තෙල් ගෙන මුවෙහි ගලවමින් සුමුදු ලෙස සම සම්බාහනය කරගන්න.
iii දැන් පුංචි තුවායක් රස්නේ වතුරෙන් පොඟවා මිරිකාගෙන එය මුව මත තබාගන්න
iv විනාඩි කිහිපයකට පසු මුව සෝදාගන්න. ඔබ කැමති නම් මෙය රාත්‍රියේ කර උදැසන සෝදා හරින්නටද පුලුවන්.

ඉතින් ඔබේ සමේ කුරුලෑ කැළැල් වලට මේ දේවල් ඉක්මන් ප්‍රතිපල ගෙන දේ යයි අපට විශ්වාසයි. ඔබේ අත්දැකීම අප වෙත ලියා එවන්න.

ගෙදරදීම සාදා ගත හැකි කුරුලෑ රහස් වට්ටෝරුව බලන්න මෙතනින්
https://www.youtube.com/watch?v=ToI48MZgt2k

6 comments:

Total Pageviews