ලෝකයේ හොදම ලස්සනම සෙල්ෆි ගන්නේ කොයි ඇප් එකෙන්ද කියල ඇහුවොත් ඔබ පුදුම වේවි. ඔබ හොදින්ම දන්නා ඇප් කිහිපයකින් තමයි එලෙස සෙල්ෆි ලබාගන්නේ.... කියවලාම බලන්න...........................
සෙල්ෆි කියන වචනය ගැන අද තරුණ පරම්පරාවේ නම් නොදන්න කෙනෙක් නෑ. ඒ තරමටම මේ සෙල්ෆි ජයාරූප අපේ ජිවිත වලට සමීප වෙලා. ලොව සමාජ ජාල වෙබ් අඩවි වල තොරතුරු වලින් හරි අඩක් පමණ සමන්විත වෙන්නේ මේ දිනපතා ඒවාට එකතු කරන සෙල්ෆි වලින්.
Sweet Selfie – Candy new name
සුවිට් සෙල්ෆි කැමරා ඇප් එක තමයි දැනට ලොව හොදම සෙල්ෆි කැමරා ඇප් එක විදියට හදුනා ගෙන තිබෙන්නේ. ඉතින් ඔබට අවශ්‍ය නම් ඔබේ මිතුරන්ට වඩා ලස්සනට හා වර්ණවත් ආකාරයෙන් සෙල්ෆි ජායාරුප ෆේස්බුක් එකට ඉන්ස්ටාග්‍රෑම් එකට අප්ලෝඩ් කරන්න මේ ඇප් එක ඔබේ දුරකතනයේ තිබිය යුතුමයි. මෙම සෙල්ෆි ඇප් එක ස්වයංක්‍රිය අලංකරණ ප්‍රයෝග හා සෙල්ෆි ෆිල්ටර්ස් රාශියකින් සමන්විත වෙනවා. තවද ඔබට අවශ්‍ය නම් ඉමොජි සංකේත පවා සෙල්ෆි මත භාවිත කල හැකියි. අඩු ආලෝක තත්වයන් යටතේ වුවද පැහැදිලි ජායාරුප ලබා ගැනීමට හැකි වන පරිදි ෆ්ලෑෂ් ලයිට් ආලෝකය වැඩි කර ලබා දීම මෙම සෙල්ෆි කැමරා ඇප් එකේ ඇති තවත් සුවිශේෂීතාවයකි
Candy Camera – Selfie Photo
සෙල්ෆි ජායාරුප ගැනීමට ඔබ දරන එකදු උත්සාහයකු හෝ අපතේ යැවීමට ඔබ අකමැති නම් Candy Camera – Selfie Photo ඇප් එක ඔබට අවැසිම දෙයක් වේවි. ප්ලේ ස්ටෝර්හි වැඩිම පිරිසක් භාගත කරන ලද හා යහපත් ප්‍රතිචාර ලබා දුන් සෙල්ෆි කැමරා ඇප් එක වන්නේද Candy Camera – Selfie Photo ඇප් එකයි. මෙහි සජීවී ජායාරුප පෙරණ ප්‍රයෝග (live photo filter effects ) රැසක් ඇතුලත් වෙනවා. පුළුල් පරාසයක් පුරා පැතිරුණු මෙම ෆිල්ටර්ස් මගින් ඔබේ සමේ දීප්තිය වර්ධනය කර ඔබේ මිතුරන්ට වඩා ලස්සන හා ආකර්ශනීය සෙල්ෆි ජායාරුප ලබා දේ.
B612 – Selfiegenic Camera
බොහෝ දෙනෙකු පෞද්ගලික මට්ටමින් කැමැත්ත පල කරන ලද සෙල්ෆි කැමරා ඇප් එකකි. අනෙකුත් සෙල්ෆි ඇප් වල දක්නට නොලැබෙන Photo Filters රාශියක් මෙම සෙල්ෆි කැමරා ඇප් එක තුල දකින්නට ලැබෙනවා. මේ හේතුව නිසා තමයි තරමක් අප්‍රසිද්ධව හෝ මෙම ඇප් එක සමහරක් දෙනා අතර ප්‍රියතම සෙල්ෆි කැමරා ඇප් එක බවට පත් වී තිබෙන්නේ. තරමක් අප්‍රසිද්ධයි කියල කිව්වට මේ ඇප් එක ලොව පුරා මිලියන 250 ක් දෙනා භාවිතා කරනවා. ඒ වගේම ප්ලේ ස්ටෝර් වල Photography කියන අංශයේ අංක එකට ශ්‍රේණිගත වී තිබෙන්නේද B612 – Selfiegenic Camera ඇප් එකයි.
YouCam Perfect
මේ ඇප් එක ගැන නම් ඔයාලා නොදැන ඉන්න විදියක් නෑ. අන්තර්ජලය තුල Google කියන වචනයට සමාන තරමේ ප්‍රසිද්ධයක් ලැබූ නාමයක් තමයි YouCam Perfect කියන්නේ. ඉතින් ඔබට හොදම සෙල්ෆි ජයාරූප ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔබේ දුරකතනයේ ස්ථාපිත කර ගත යුතු ඇප් එකක තමයි මේක. සුමට ,වර්ණ අනුකලන හැකියාව සහිත , රැළි වැටීම් මග හරවා ගත හැකි හා තවත් බොහෝ ප්‍රයෝග මෙම සෙල්ෆි කැමරා ඇප් එක තුල අන්තර්ගත වෙනවා.
BestMe Selfie Camera
මෙයටම ආවේනික වූ ෆිල්ටර්ස් සියයකට වඩා ගණනකින් සමන්විත වන තවත් අපුරු සෙල්ෆි කැමරා ඇප් එකක් තමයි BestMe Selfie Camera කියන්නේ. ඉමොජි සංකේත හා ස්ටිකර්ස් යොදමින් හාස්‍යජන සෙල්ෆි ජයාරූප ලබා ගැනීමේ හැකියාව මෙය සතු වෙනවා. තවද මෙම සෙල්ෆි ඇප් එක සතු වන Mirror Photo Camera අංගය මගින් වර්ණවත් හා අමුතු ආකාරයේ ජයාරූප නිර්මාණය කර ගත හැකියි
Selfie Camera Expert
ඔබට වෘත්තීය මට්ටමින් පරිපුර්ණ සෙල්ෆි ජායාරුප ලබා ගැනීමට අවශ්‍ය නම් Selfie Camera Expert යනු ඔබ සතුව තිබිය යුතුම ඇප් එකක්. ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා නිර්මාණය වුනු හොදම සෙල්ෆි කැමරා ඇප් එකක් ලෙසද මෙය සැලකෙනවා. මෙම ඇප් එක සතු වන real-time filters මගින් ඔබට කැමරාව සජීවීව තිබියදීම ජායාරුපයේ අවසන් ස්භාවය සැලසුම් කර ගත හැකියි. තවද මෙය සතුව Timer එකක්ද තිබෙන නිසා සියලුම මිතුරන් ඔබේ සෙල්ෆියට ලං කර ගන්නට පුලුවන්.
Retrica – Selfie, Sticker, GIF
ලොව පුරා මිලියන 350ක් පමණ දෙනා භාවිත කරන තවත් සුවිශේෂී සෙල්ෆි කැමරා ඇප් එකක් ලෙස Retrica – Selfie, Sticker, GIF ඇප් එක හදුවන්න පුළුවන්. ජිවිතයේ විවිධ අවස්ථා සදහා සුවිශේෂී ලෙස නිර්මාණය කරන ලද Photo filters රාශියක් මෙම ඇප් එක සතු වෙනවා. මෙම කරුණ නිසා ලොව බොහෝ දෙනෙක් තම ජිවිතයේ නොයෙකුත් අවස්ථා හැඩ කරවා ගැනීම සදහා Retrica සෙල්ෆි කැමරා ඇප් එක භාවිත කරනවා.
HD Selfie Camera
සෙල්ෆි ජායාරුප උසස් වර්ණ තුලනයකින් ලබාගැනීමට ඔබ ප්‍රියතාවයක් දක්වනවා නම් HD Selfie Camera ඇප් එක ඔබට හොදම මිතුරෙක්. මෙම සෙල්ෆි කැමරා ඇප් එක මගින් High Definition ඝනයේ සෙල්ෆි ජයාරූප ලබා දෙනවා. උසස් වර්ණ කලනයක් ඇති සෙල්ෆි ජායාරුප සැමවිටම ආකර්ෂණීත්වයෙන් වැඩි නිසා ඔබේ මිතුරන් පුදුම කරවන ලෙස සමාජ ජාල භාවිතා කිරීමට මෙම ඇප් එක මගින් ඔබට හැකි වේවි
SelfieCity
ඔබේ සෙල්ෆි ජයාරූප වලට අමතර වටිනාකමක් ලබා දිය හැකි තවත් හොදම සෙල්ෆි කැමරා ඇප් එකක් ලෙස SelfieCity ඇප් එක හැදින්වෙනවා. මෙම ඇප් එකේ නිර්මාණ කරුවන් විසින් ප්‍රවණතාවය අනුව නිතර නිතර මෙම ඇප් එකට නව ෆොටෝ ෆිල්ටර්ස් එකතු කිරීම සිදු කරනවා. තවද මෙම ඇප් එක මගින් ඔබට අහඹු ලෙස ෆොටෝ ෆිල්ටර්ස් නිර්දේශ කිරීම නිසා ඔබ පෙර නොවූ විරු අමුතු අත්දැකීමක් ලබා ගන්නටත් පුළුවන්.
BeautyPlus – Easy Photo Editor
ලොව පුරා මිලියන 100 ක් පමණ දෙනා භාවිත කරන තවත් අපුරු සෙල්ෆි කැමරා ඇප් එකක් තමයි මේ. BeautyPlus – Easy Photo Editor මගින් ඔබේ සෙල්ෆි ජයාරූප වලට අමතර වටිනාකමක් එකතු කර ගන්නට පුළුවන්. මෙම ඇප් එක සතු වන Animated Filters භාවිතයෙන් ඔබට හොද වින්දනයක් ලබා ගන්නට පුළුවන්.
අපගේ facebook පිටුවට like එකක් දෙන්න යාලුවනේ….post එක වටිනවානම් පහලින් share කරන්න
උපුටාගැනීම අන්තර්ජාලය ඇසුරින්



No comments:
Post a Comment