ටිකිරිගේ බ්ලොග් සටහන්, ඔබට අවශ්‍ය දැනුම යාවත්කාලීන කරගන්න..

Wikipedia

Search results

Monday, January 7, 2019

ජලය කොච්චර හොඳ බෙහෙතක්ද කියල තවමත් දන්නේ නැද්ද? එසේනම් දැන්ම කියවන්න


ශරීරයේ 55%ත් 78%ත් අතර ප්‍රමාණයක් ඇත්තේ ජලය බව විද්‍යාඥයෝ පවසති. අපගේ ශරීරය ඉතා හොඳින් ක්‍රියාත්මක වන්නටත්, විජලනයෙන් තොරව පවතින්නටත් දිනකට ජලය ලීටර 1ත් 7ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බව දැක්වේ. එකී කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ජල ප්‍රමාණය එක් එක් පුද්ගලයා කරන කාර්යය, උෂ්ණත්වය, ආද්‍රතාව සහ තවත් බොහෝ සාධක මත වෙනස්වන බව කිව හැකි ය. එහෙත්, කෙනකු දිනකට ජලය විදුරු 8ත් 10ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු බව විශේෂඥයෝ පවසති. ඒ හැරුණු විට හිතු මනාපයේ අධික ජලය ප්‍රමාණයක් පානය කිරීමත් අප ලෙඩ කරවන්නට හේතුවක් බව බොහෝ දෙනකු නොදන්නා කරුණකි.

ජලය පානය කිරීමෙහි වාසි රැසක් ඇත.
1.නිතර නිතර ඇතිවන මහන්සියට වතුර බොන්න
නිතර නිතර මහන්සි ගතිය ඇති වේනම්, ඔබේ සිරුරේ ජලය ප්‍රමාණය අඩු වීම නිසා එවැනි ගැටලුවක් මතු වුණා වන්න පුළුවන. එනිසා, පළමුව සෑහෙන තරම් වතුර බී බලන්න.




2. මුහුණේ ස්වරූපය වෙනස්වීමට වතුර මුල් වේ
ඉතා සියුම් විජලන තත්ත්වයක් ඇති වූ විට අපේ මුහුණේ ස්වරූපය සහ මනෝභාව වෙනස් වන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. ඒ අනුව තමන්ගේ සිරුරේ විජලනය ගැන තමන්ටම දැන ගන්නට පුළුවන. ඒ මුත්‍රාවල පැහැය අනුව ය. මුත්‍රා ඉතාමත් ලා පැහැයෙන් යුක්ත නම්, සිරුරේ ජල ප්‍රමාණය හොඳ මට්ටමක තිබෙන බවට අනුමාන කළ හැකි ය.
3.හිසරදයට සහ මිග්රේන් තත්ත්වවලට පිළියමක්
හිසරදය හෝ මිග්රේන් තත්ත්ව ඇත්නම්, ඔබ දිනපතා පානය කරන ජලය ප්‍රමාණය වැඩි කළ යුතුව ඇති බව “යුරෝපියන් ජර්නල් ඔෆ් නියුරෝලොජි” නමැති ජර්නලයේ අඩංගු පර්යේෂණ වාර්තාවක් පෙන්වා දෙයි.
4.ආහාර දිරවීමට සහ මළ බද්ධය නැති කිරීමටත් ජලය අවශ්‍යය.
ආහාර දිරවීම හරිහැටි සිදුවන්නටත්, මහාන්ත්‍රය නිසි පරිදි ක්‍රියාත්මක වන්නටත් ජලය අවශ්‍ය වේ. පරිවෘත්තිය ක්‍රියා නිසි ආකාරයෙන් සිදුවීමට මිනිස් සිරුර තුළ ජලය ප්‍රමාණවත් තරමින් තිබිය යුතු ය. එකී ක්‍රියාකාරීත්ව සිදු නොවන විට, මිනිසා රෝගී වේ.
ජලය පානය කරන්නට පුරුදුව සිටී නම්, මධ්‍යසාර, පැණි බීම වර්ග සහ සීනි මුසු කළ වෙනත් බීම වර්ග පානය කිරීමට අවශ්‍යතාවක් මතුවන්නේ ද නැත.
5.සිරුරෙන් විෂ වර්ග ඉවත් කිරීමට ජලය වැදගත් වේ
මිනිස් සිරුර තුළ ඇති ඇතැම් විෂ වර්ග දහදිය සහ මුත්‍රා මාර්ගයෙන් බැහැර කරන්නට පුළුවන. ඒ සඳහා වැදගත් වන්නේ ද ජලයයි. වකුගඩුවල ක්‍රියාකාරීවත්යට වගේම වකුගඩු ආශ්‍රිතව ගල් ඇතිවීම වළකාලන්නටත්, ජලය පානය ඉවහල් වන බව රහසක් නොවේ.




අපගේ facebook පිටුවට like එකක් දෙන්න යාලුවනේ….post එක වටිනවානම් පහලින් share කරන්න



අන්තර් ජාලය ඇසුරෙනි

No comments:

Post a Comment

Total Pageviews