ටිකිරිගේ බ්ලොග් සටහන්, ඔබට අවශ්‍ය දැනුම යාවත්කාලීන කරගන්න..

Wikipedia

Search results

Sunday, January 6, 2019

නිතර ජංගම දුරකථනය භාවිතා කිරීමෙන් සෞඛ්‍යයට සිදු වන හානි…. කියවන්න දැනගන්න...

ජංගම දුරකථනය යනු අද වන විට නැතුවම බැරි දෙයකි. එයින් තොරව කිසිවක් කර ගැනීමට නොහැකි වන තරමටම අද දුරකථනයට සියළු දෙනා ඇබ්බැහි වී සිටිති.

ජංගම දුරකථන නිතර  භාවිතයෙන් පිළිකා ඇති වීම සිදු වන බව පමණකි සියළු දෙනා දැන සිටින්නේ. නමුත් මේ ලිපියෙන් ගෙන එන පරිදි ජංගම දුරකථන නිරන්තරයෙන් අධික භාවිතය නිසා විශාල සෞඛ්‍යමය ගැටළු රාශියකට මුහුණ පෑමට සිදු වේ.






01. පිළිකා
අධ්‍යනයන්ගෙන් හෙළි වී ඇති පරිදි ජංගම දුරකථන මඟින් විකිරණ  විමෝචනය කරනු ලබයි. මේ මඟින් පිළිකා ඇති කරනවා මෙන්ම මොළයේ ගෙඩි ඇති වීම ද විය හැක.
02. නින්ද නොයාම
ජංගම දුරකථනයට ඇබිබැහි වීම මඟින් නින්ද ට බාධා ඇති වීම සිදු විය හැක.
03. හදිසි අනතුරු අවදානම ඉහළ යාම
ජංගම දුරකථනය භාවිතා කරමින් රිය පැදවීම, පාර මාරුවීම හා පාරේ ගමන් කිරීම වැනි හේතු නිසා හදිසි අනතුරු ඇති වීමේ අවදානම ඉහළ ගොස් ඇත.
04. හෘද රෝග
ජංගම දුරකථන වලින් විමෝචනය වන විකිරණ මඟින් හෘද රෝග ඇති වීම ද සිදු විය හැක. රැහැන් රහිත හා ජංගම දුරකථන වලින් නිකුත් වන විකිරණ හෘද ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරයි.
05. ශ්‍රවනාබාධ
දුරකථන විකිරණ මඟින් ඔබ බිහිරි කිරීමට ද හැකිය. ජංගම දුරකථනය මඟින් නිකුත් වන විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයට නිතර නිරාවරණය වීම නිසා ශ්‍රවනාබාධ ඇති කරවයි.
06. දෘශ්ඨි ආබාධ
ජංගම දුරකථනයෙන් පොත් කියවීම අද බහුලව සිදු කරන දෙයකි. එමෙන්ම අන්තර්ජාලය භාවිතා කිරීම  වැනි දේ නිසා ඉතා කුඩා අකුරු කියවීම සිදු කරයි. මේ නිසා ඔබගේ ඇස් වල පෙනීමේ ආබාධ ඇති වීම සිදු වේ. විශේෂයෙන් ම අඳුරේ දී කියවීමෙන් වඩා බරපතල තත්වයන් ඇති වේ.


Source : Sirasa

No comments:

Post a Comment

Total Pageviews