ටිකිරිගේ බ්ලොග් සටහන්, ඔබට අවශ්‍ය දැනුම යාවත්කාලීන කරගන්න..

Wikipedia

Search results

Friday, January 25, 2019

හිසරදය ඉක්මනින්ම සුව කරගමු

හිසරදය යනු බාල මහලු සියලු දෙනාම එක සේ වේදනා ඇති කරවන පීඩාකාරී තත්වයකි. හිස රදය වර්ග කිහිපයකට වෙන් කල හැකි අතර ආතතිය නිසා ඇති වන හිස රදය, මිග්‍රෙන් නම් හිසරදය වර්තමානයේ සුලබ වේ. හිස රදය ඇති වීම සදහා බලපාන ප්‍රධාන  හේතු සාධක කිහිපයකි.

01. හිස අභ්‍යන්තරයේ සිදුවන කායික වෙනස්වීම්.

02. රුධිර නාලිකා වල සංකෝචන.

03. නියුරෝන ආශ්‍රිත ප්‍රශ්න.

04. ප්‍රවේණිගත ආබාධ.

05. අධිකව දුම් පානය.

06. අධිකව මත්පැන් පානය.

07. ශරීරයේ ජලය මදිකම.

08. අධිකව නිදාගැනීම.

09. ප්‍රමාණය ඉක්මවා වේදනා නාශක භාවිතා කිරීම.

10. දෑස් අධිකව වෙහෙසවිම.

ශරීරයේ ජලය මදිකම හිසරදය සදහා බලපාන ප්‍රධාන කරුණකි. සිතල වතුර වීදුරුවක්  පානය කිරීම බොහෝ වෙලාවල් වල හිසරදය සදහා ඉතා හොද පිලියමක් වේ. අධික හිස රදය සදහා නිවසේදී ඔබට භාවිතා කල හැකි සරල ප්‍රතිකාර කිහිපයක් මෙම ලිපියේ  අඩංගු වේ.

01. ඉගුරු.
ඉගුරු යුෂ හා දෙහි යුෂ සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කරන්න. දිනයකට එක වරක් හෝ දෙවරක්  මෙම යුෂ පානය කරන්න. වියලා ගත් ඉගුරු කුඩු සහ ජලය මිශ්‍ර කර සාදා ගත් මිශ්‍රණයක් නළලේ ආලේප කරන්න. අමු ඉගුරු කැබැල්ලක් ජලයේ රත් කර මෙම වාෂ්පය ආශ්වාස කරන්න. කුඩා අමු ඉගුරු කැබැල්ලක් දිනයකට වරක් පමණ හොදින් සපන්න.
ඉගුරු මගින් හිසෙහි රුධිර කේශ නාලිකා වල පීඩනය අඩුවේ.

02. මිංචි යුෂ.
මිංචි වල අඩංගු මෙන්තොල් වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරයි.
මිංචි කොළ දෝතක් ගෙන එහි යුෂ මිරිකා ගෙන නළලේ සහ කම්මුල් වල ආලේප කරන්න. මිංචි කොළ මිශ්‍රිත තේ කෝප්පයක් පානය කරන්න.

03. මිංචි තෙල්.
මිංචි තෙල් භාවිතා කිරීමෙන් රුධිර කේශ නාළිකා වල අවහිර වීම් අවම වන අතර රුධිර  සංසරණය පහසු වේ.
මිංචි තෙල් ස්වල්පයක් සහ ආර්මන්ඩ් තෙල් ස්වල්පයක් මිශ්‍ර කර නළල හොදින් සම්බාහනය කරන්න.
උණුසුම් වතුර භාජනයකට තෙල් බින්දු කිහිපයක් දමා එහි වාෂ්පය ආශ්වාස කරන්න.

04. ලවෙන්ඩර් තෙල්.
ඔබගේ හිසේ ඇති ආතතිය අවම කර ක්ෂණික සහනයක් ලබා දීමට ලවෙන්ඩර් තෙල් උපකාරී වේ.
ටිෂූ කොලයකට ලවෙන්ඩර් තෙල් ස්වල්පයක් දමා ආශ්වාස කරන්න. ජාල බදුනක් උණු කර එයට ලවෙන්ඩර් තෙල් ස්වල්පයක් දමන්න. ඉන් පසු මෙම වාෂ්පය  ආශ්වාස කරන්න. ආමන්ඩ් තෙල් සහ ලවෙන්ඩර් තෙල් ස්වල්පයක් මිශ්‍ර කර නළලේ ආලේප කරන්න.

05. අයිස් පැකට්.
අයිස් පැකට් භාවිතා කිරීමෙන් හිසේ කැක්කුමට ක්ෂණික සහනයක් ලබා ගන්නට පුළුවන්.
මිග්‍රෙන් නිසා ඇති වන හිසේ කැක්කුමට ගෙල පිටුපසින් අයිස් පැකට් එකක් තබන්න. අයිස් වතුරෙන් පොගවන ලද රෙදි කැබැල්ලක් නළල මත තබන්න. අයිස් පැකට් එකක් වෙනුවට සිත කල එළවලු කැබැල්ලක් නළලට තබා තද කිරීමද සුදසු  වෙනවා.

No comments:

Post a Comment

Total Pageviews