හැඳින්වීම
සිංහලේ රාජාවලියේ එන මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක, මහාබාලි, රාවණා ආදී වශයෙනුයි. මේ තිදෙනා අතුරින් රාවණා පිළිබඳව පවතින තොරතුරු ඉස්මතුවන්නේ ඉන්දියානු සාහිත්‍යයේ සඳහන් වන රාවණා තුල පවතින තාක්ෂණික හා යුධ බලය නිසාවෙන්මයි. සාහිත්‍යයේ සඳහන් වන පරිදි, රාවණා හට හිස් දහයක් සහ අත් ගණනාවක් පවතිනවා යැයි කීමෙන් පෙනීයන්නේ, ඔහු තුල තිබූ විවිධාකාර දේ කිරීමට තුබූ නිපුණ තාවය මිස සැබෑ ලෙසම හිස් දහසක් තිබුණා යන්න නොවේ. එනමුදු අවසානයේ දී මේ තරම් දක්ෂතා තිබූ රාවණා රාමාගෙන් පරාජයට පත් වෙයි. ඉන්දියානු ජනතාව අදටත් "දීපාවාලී" ලෙස සමරන්නේ අර ඉහත කියූ රාවණාව රාමගේ යටතට ගැනීමයි. රාවණා හා රාම පිලිබඳව පවතින අරුමැසිවාදී සංස්කරණ අතුරින් වාල්මිකී ගේ රාමායනය යන ග්‍රන්ථය ප්‍රධාන තැනක් ගනියි.
පෙලපත
මවගේ පියා - සුමාලි රජ
මව - පුෂ්පොත්කටා කුමරිය
පියාගේ පියා - පුලස්ති ඉසිවරයා
පියා - වෛශ්‍රව ඉසිවරයා
බිරිඳ - මන්දෝදරී කුමරිය
පුතා - මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්
සොයුරිය - සුපර්ණකා
මාමණ්ඩිය - කාළනෙමි ඉසිවරයා
රාවණා රජුයේ රාජ්‍ය ධූරාවලිය ගැන අධ්‍යයනය කරන විට පොළොන්නරුවේ සිටියා යැයි කියන මහා ඍෂි පුලස්තිගේ වැඩි මහලු පුතා වන වෙසමුණි හෝ වෛශ්‍රවනගේ පුතා, එනම් පුලතිසි ඍෂිවරයාගේ මුනුපුරා වූ කුවේර යි. කුවේර යනු වෙසමුණිගේ පළමු විවාහය වූ, ඉල්ලාවිලා දේවිය ගේ දරුවා විය. පසුව වෙසමුණි ගේ දෙවැනි විවාහය ලෙස කේශිණී පත්විය. කේශිණීට වෙසමුණි ට දාව දරුවන් පස් දෙනෙකු ලැබිණි. ඔවුන් රාවණ, විභීශණ, කුම්භකර්ණ, හේම සහ පුෂ්පික නම් විය.
කාලය ගත වෙත්ම කුවේර, තම පියරජතුමා වූ වෙසමුණි ගේ අභාවයෙන් පසුව සාමකාමීව රට පාලනය කලේ ය. මේ අතර කුවේරගේ දෙටු සහෝදරයා වූ රාවණා තම බලවත් කම ඉහළ යත්ම, ලංකා රාජ්‍ය පිළිබඳ ව සිත් පහළ විය. පසුව, රාවණා ලංකා රාජ්යටයත්, එහි පිහිටි "ආලකමන්දාවත්", කුවේරගේ අහස්යානය වූ "පුෂ්පිකයත්" තමාට අවැසි බව දැන්වීය. මින් ඉතා කෝපයට පත් වූ කුවේර, රාවණාව ඉහත යෝජනාව ද ප්‍රතික්ෂේප කර පලවා හැරීය. එනමුදු ලෙහෙසියෙන් පරාජයට පත් වන්නට තරම් ලාමක නොවූ රාවණා ස්වකීය ඥාතීන් වූ යක්ෂ ගෝත්රිපකයන්ව කුවේරට විරුද්ධව මෙහෙයවා ලංකා රාජ්යෙය සියතට ගැනීමට සමත් විය. තවද කුවේරගේ ධනය, මාළිගය සහ අද දඬුමොණරය ලෙස හැඳින්වෙන " පුෂ්පිකය" ද සියතට ගන්නට සමත් විය.
දස රාවණ සංකල්පය
ඌව වෙල්ලස්ස කැරැල්ලේදී සියලු සටන් ශිල්පීන් මාරගල කන්දේ භූගත රාවන දෙවොලේ දී පුද පූජා පැවැත්වූ රාවණා දෙවියන්ගේ කිරිගරුඩ ප්‍රතිමාව. වර්තමානයේ එංගලන්තයේ කෞතුකාගාරයක තැන්පත්කර ඇත
වර්ග පූර්ණිකාවට අනුව රාවණා ප්‍රදේශ දහයක් පාලනය කිරීම නිසා දස රාවණ නම් වූ බවට මතයක් ඇති අතර තවත් මතයක් වන්නේ රාවණා යනු වෙදකමෙහි මෙන්ම කලාවේ ද කෙල පැමිණියෙකු වන නිසා ඔහුට හිස් දහයක් හා අත් විස්සක් ඇතැයි කීමට හේතුවක් කරගත්තා ද වන්නට ඇතැයි යන්නයි.
රාජාධිරාවන : - රටවල් රාශියක් පාලනය කරන ලද නිසා
විරුරාවන: - වීරත්වය තිබූ නිසා
තිර රාවන
රණ රාවන
සිරි රාවන (ලස්සන නිසා)
තරු රාවන (තාරකා විධායව පිළිබද ඇති දැනුම)
පුත්රා රාවණ (පුතුන් ඇති නිසා)
මනු රාවන (ජනතාවට අධිපති)
දික් රාවන (දික්විජය කළ)
රාජාවරාවන (සියලු දේට දක්ෂ නිසා)
රාවණා රජු පිළිබඳව සියත නාලිකාවේ පළවූ වැඩසටහන
www.youtube.com/watch?v=odz_kX2l_4s



Good Job keep it up.
ReplyDeleteEla ela nice job!!! Keep it up
ReplyDelete👍👌