ටිකිරිගේ බ්ලොග් සටහන්, ඔබට අවශ්‍ය දැනුම යාවත්කාලීන කරගන්න..

Wikipedia

Search results

Tuesday, January 8, 2019

හරියට ප්‍රමාණවත් තරම් නිදාගන්නේ නැද්ද? එසේනම් මෙන්න ඔබ ගොදුරු විය හැකි රෝග... කියවන්න දැනගන්න

සියළු දෙනාටම නින්ද අත්‍යාවශ්‍ය දෙයකි. නින්ද මගින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභයන් රාශියකි. දවස පුරා ඇති වෙහෙස නිවා ගැනීමට හා මොළයට සැහැල්ලු වීම සඳහා කාලය ලබා දීමට නින්ද මහඟු ප්‍රෙයා්ජනයකි. නමුත් අද වන විට බොහෝ දෙනෙක් අතින් ප්‍රමාණවත් නින්ද මඟහැරී යයි. මේ නිසා ඉතා පහසුවෙන් රෝගිබාධයන්ට ගොදුරු වීම සුලබ ව  ද්කනට ලැබේ.

මේ ලිපියෙන් ගෙන එන්නේ එවැනි ආකාරයෙන් ඇති විය හැකි රෝගාබාධයන් කිහිපයකි.




01. දියවැඩියාව
ප්‍රමාණවත් නින්දක් නොලැබීම මඟින් ක්ෂණික ආහාර හා පැණි රස ආහාර වලට ඇති නැඹුරුතාවය වැඩි කරවයි. නින්ද අහිමි වීම නිසා ඇති වන කායික හා මානසික තෙහෙට්ටු ගතිය මඟහරවා ගැනීමට ඔබ වැඩි වැඩියෙන් අධික කාබෝහයිඩ්‍රේට අඩංගු වන ක්ෂණික ආහාර වලට යොමු වේ. මේ නිසා අධි රුධිර පීඩනය හා දියවැඩියාවට ගොදුරු වීමේ අවධානම ඉහළ යයි.
02. ඔස්ටියෝපොරෝසිස් (දුර්වල අස්ථී)
දිනකට පැය 6කට වඩා අඩුවෙන් නිදා ගැනීම අස්ථි වල ඝනත්වය අඩු කරවයි. මෙමඟින් අස්ථි දුර්වල වී ඉක්මණින් බිඳෙනසුළු වේ. අස්ථි වල ඇති ඛණිජයන්ද අඩු වේ. මේවා මඟින් සන්ධිගත වේදනාවන් ඇති වී අස්ථි බිඳීම් ඇති වේ.







03. පිළිකා
අධ්‍යන වාර්තා පෙන්වා දෙන අන්දමට ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම මඟින් පිළිකා ඇති විය හැකි බවයි. එමෙන්ම ශරීරය තුළ විෂ වර්ග නිපදවීම ද සිදු වේ.
04. හෘදයාබාධ හා ආඝාතය
නින්ද අතරතුර අපගේ සිරුරේ පද්ධතීන් අළුත්වැඩියා වන අතර, විෂ වර්ග ඉවත් වීම ද සිදු වේ. මේ හේතුවෙනුයි උදෑන අවධි වූ විට වතුර වීදුරුවක් පානය කළ යුත්තේ. එවිට අක්‍රීය කරන ලද විෂ වර්ග සිරුරෙන් ඉවත් වේ. අවම නින්දක් ලබන පුද්ගලයින්ට අධික රුධිර පීඩනය , හෘදයාබාධ හා ආඝාතය වැළඳීමේ ඉඩකඩ වැඩි ය.
05. මතකය අහිමි වීම
නින්ද අතරතුර මොළය ගිමන් හරිමින් සෛල ප්‍රතිජනනය වීම සිදු වේ. ඔබ අඩුවෙන් නිදා ගන්නා විට, මොළය වෙහෙසට පත් වේ. මෙය දුර්වල මතකයක් ඇති වීමට හා සම්පූර්ණ මතකය අහිමි වීමකට මඟ පෑදිය හැක.
06. අක්‍රමවත් මුත්‍රා පිටවීම
මේ තත්වය යටතේ දී ඔබට ඉතා තදින් මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවක් ඇති වුවද මුත්‍රා පිට වීම සිදු නොවේ. මෙය නැවත නැවතත් සිදු වේ. මේ තත්වය අයහපත් නින්ද නිසා ඇති වන්නකි.
07. සාංකාව හා මානසික අවපීඩනය
ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම මඟින් ශරීරයට කොටිසෝල් හෝර්මෝනය ස්‍රාවය කිරීම සිදු කරවයි. මේ හෝර්මෝනය මඟින් මානසික අවපීඩනය ඇති කරවයි.
උපුටාගැනීම : අන්තර්ජාලය

No comments:

Post a Comment

Total Pageviews