චැට් කරන්න ගොඩ දෙනෙක් පාවිච්චි කරන වට්ස් ඇප් එකේ දීල තියන සුපිරිම features ටිකක් ගැන තමයි අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ.ඔයාලා චැට් කරන්න whats app කරනවා නම් අනිවාර්යෙන්ම පෝස්ට් එක ඔයාටත් ගොඩක් වැදගත් වේවි.
චැට් කරද්දි විවිධ ෆොන්ට් පාවිච්චි කරන්න පහසුකම අපිට whatsapp සමාගම මගින් දීලා තියෙනවා.අපි මුලින්ම බලමු මේ විදියට fonts පාවිච්චි කරන්නේ කොහොමද කියලා.
සාමාන්‍ය අකුරු වලට වඩා හයිලයිට් කරලා අපිට ටයිප් කරන්න ඕනෙ නම්,එහෙමත් නැත්තම් තද කලු කලින් අපිට වචනයක් විශේෂ කරලා පෙන්නන්න ඕන නං අපිට මේ සඳහා පාවිච්චි කරන්න සිම්බල් එක වෙන්නෙ * ලකුණ. අපිට ඕන වචන හරි අපිට ඕන වාක්‍ය හරි මේ විදිහට මුලටයි අගටයි මේ ලකුණ දුන්න හම මේ ලකුණ මැද තියෙන වාක්‍ය හරි වචනය හරි අනිත් වචන වලට වඩා හයිලයිට් වෙලා තියනවා. Ex. *Tikiri Reader*
ඊට පස්සේ ඔයාට ඇල අකුරු යවන්න නම් _ මේ සංකේත පාවිච්චි කරන්න පුළුවන්.කලින් විදිහටම අවශ්‍යය මැසේජ් එක මුලටයි අගටයි මේ සංකේතය ලබා දීලා පණිවිඩය යැව්වට පස්සේ මේ පණිවිඩය යන්නේ ඇල අකුරෙන්
Ex. _Tikiri Reader_
දැන් අපි බලමු font එක කපපු විදිහට විදියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේකට අපිට මේ ලකුණ යොදා ගන්න පුළුවන් ~. මේකෙදිත් මැසේජ් එකේ කලින් වගේම මුලටයි අගටයි මේ symbol එක දුන්න හම මැසේජ් එකේ තියෙන අකුරු ටික මැදින් කැපිල වගේ තමා message එක send වෙන්නෙ.
Ex. ~Tikiri Reader~
ඊට පස්සේ තවත් ගොඩක් වැදගත් දෙයක් තමයි අපි ගෘප් වල චැට් කරද්දි තියෙන සමහර වැදගත් මැසේජ් පස්සේ කියවනවා කියලා හිටියට චැට් එක දික් වෙන හින්දා කලින් මැසේජ් එක හොයාගන්නත් අමාරු වෙනවා ගොඩක් වෙලාවට. අපිට මේකට විසඳුමක් විදිහට bookmark භාවිතා කරන්න පුළුවන්. මේකට අපිට කරන්න තියෙන්නෙ අපිට අවශ්‍ය වැදගත් මැසේජ් එක ක්ලික් කරගෙන ඉඳලා උඩින් එන star mark එක ලබා දුන්නට පස්සේ ඒ මැසේජ් එක bookmark බුක්මාර්ක් එකක් විදිහට අපේ වට්ස් ඇප් එකේ සේව් කරගන්නවා. ඊට පස්සේ පස්සෙ අපිට පුලුවන් වට්ස්ඇප් menu එකේ starred message වලට ගිහින් අපි bookmark කරගත්තු මැසේජ් එක ඕන වෙලාවක බලන්න.
ඊළඟට අපි බලමු ඔයා නිතරම චැට් කරන contact එකක් ඔයාට තියෙනවා නම් එය නම්බරයට shortcut හදාගන්නේ කොහොමද කියලා. මේකට අපිට කරන්ට තියෙන්නෙ අවශ්‍ය කරන contact එක උඩ touch කරගෙන ඉඳලා එහෙමත් නැත් නම් හෝල් කරගෙන ඉඳලා අපිට ඕන contact එක select උනාට පස්සේ උඩ තියෙන තිත් තුනෙන් add chat shortcut කියන එක දෙන්න. ඊට පස්සේ අපිට අපේ ෆෝන් එකේ home screen එකට අදාල චැට් එකේ shortcut එකක් බලා ගන්න පුළුවන්. එතනින් අපිට වට්සැප් ඇප් එක ඕපන් නොකර කෙලින්ම අදාල contact එකට ගිහින් අපිට චැට් කරන්න පුළුවන්. එහෙම නැතිව අපිට මේකට තවත් ක්‍රමයක් තියෙනවා .අපි අදාළ contact එක උඩ ටච් කරගෙන ඉඳලා උඩ එන මෙනු එකෙන් පින් සලකුණ ක්ලික් කෙරුවට පස්සේ අදාල contact එක whatsapp chat ලිස්ට් එකේ පහලට යන්නෙ නැතුව දිගටම උඩින්ම තියා ගන්න පුළුවන්.
අවසාන වශයෙන් අපි කතා කරන්න යන්නේ facebook වල තියෙන messenger ඇප් එක වගේ චැට් හෙඩ් එකක් whatsapp වල හදාගන්නේ කොහොමද කියලා. මේකට playstore එකේ තියෙන directchat කියන application එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.මේ application එක අපි ඩවුන්ලෝඩ් කරගෙන setup කරගත්තට පස්සෙ messenger වල වගේම චැට් හෙඩ් එකක් අපිට හදාගෙන චැට් කරන්න පුළුවන්.මේ ඇප් එකේ ඇප් එකේ screen shot එකක් පහල මම දාලා තියෙනවා.
මේ පෝස්ට් එක ගොඩක් යාළුවන්ට වැදගත් වෙන්න ඇති කියල මම හිතනවා. මේ වගේ තාක්ෂණික දැනුම දිගටම අපිත් එක්ක ලබාගන්න ඔයාලා කැමති නම් මතක ඇතුව අපේ පේජ් එක ලයික් කරන්න. මේ පෝස්ට් එක හොඳද නරකද කියලා ඔයාලගේ අදහස පහලින් comment කරගෙන යන්න. මේ පොස්ට් එක වැදගත් නම් ඔයාලගේ යාලුවන්ටත් බලන්න මේ පෝස්ට් එක මතක ඇතුව share කරන්න.
Source : Internet


මම ඇඩ්මින් ඉන්න ගෘප් එකක් ඩිලීට් උනාම නැවත ලබා ගන්නේ කොහොමද? ෆෝන් එකේ ගෘප් එක පෙන්නන්නේ නැහැ.
ReplyDeleteසුනිල්
ReplyDelete0719720612
ReplyDelete