ටිකිරිගේ බ්ලොග් සටහන්, ඔබට අවශ්‍ය දැනුම යාවත්කාලීන කරගන්න..

Wikipedia

Search results

Wednesday, January 9, 2019

ඔබේ ෆේස්බුක් ගිනුමත් ආරක්ශිතද නැතිනම් හැක් වෙලාද




කීප දෙනෙකුගේම ෆේස්බුක් ගිණුම් වලට වෙනත් අය අනවසරයෙන් ඇතුළු වෙලා, එහෙම නැතිනම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන. මේක ගොඩක් වෙලාවට අපේම දුර්වල තැන් නිසා වෙන දෙයක්. ඇත්තටම කියනවනම් ෆෙස්බුක් කියන්නේ ලේසියෙන් හැක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපේ සමහර නොදැනුවත් කම් , නොසැලකිලිමත්කම් නිසාම තමයි අපේ දේවල් අපි නොදැනුවත්වම අනුන් අතට පත් වෙන්නේ.  අද මම කියල දෙනවා තමන්ගේ ෆේස්බුක් ගිණුමට අපටත් නොදැනී වෙනත් කව්රුවත් අතුලුවෙලාද කියල හොයනෙන් කොහොමද කියල. ඒ වගේම මුරපදයේ ආරක්ෂාව වැඩි කරගන්න ආකාරය.

ගිණුමට ඇතුළු වූ අනෙක් අවස්ථා පරීක්‍ෂා කිරීම
මම මෙතනින් අදහස් කලේ අපේ මුරපදය වෙන කෙනෙක් වෙනස් කරලා ඇතුළු වෙලා කියන එක නෙවෙයි අපට අමතරව මුරපදය වෙනත් කෙනෙකුත් දන්නවද යන්නයි. ඒ කොහොම උනත් ඇතුල් වූ අවස්ථා බලාගන් පුළුවන්. ඔබේ ගිණුමේ පහත පේන්වා ඇති ස්ථාන වලට යන්න
දැන් ඔබට පේනවා ඇති දැනට ඔබ ඇතුළු වී ඇති අවස්ථාව සහ පෙර ඇතුළුවූ අවස්ථාවන් පිළිබඳව. එසේම එහිදී භාවිතා කල Browser එක කුමක්ද, කුමන ප්‍රදේශයෙන්ද , කවදද කියන දේත් බලාගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඔබට තීරණය කරන්න පුළුවන් මේ අවස්ථාවන් ඔබගේ ඇතුළු වීමද නැතහොත් වෙනත් අයෙකුගේද යන්න. ඇතුළු වීමට භාවිතා කල උපකරණය අනුවත් මෙය වර්ගීකරණයකට ලක් වෙනවා. මෙම රූපයේ එය පෙන්වා නැහැ. නමුත් ඔබ පරික්ෂා කිරීමේදී ඔබ දුරකතනයක්, ටැබ් එකක් වැන්නක් භාවිත කරනවානම් එය ඔබට පැහැදිලිව බලාගත හැකියි. අවසාන වශයෙන් මේ ගැන දන්නා කෙනෙකුට මෙය මකා දැමිය හැකි බවද මතක තබා ගන්න. එවිටනම් කලයුතු වෙනත් කිසිවක් ඉතිරි වන්නේ නැහැ.

ගිණුමේ ආරක්ෂාව වැඩි කිරීම
බොහෝ විට ඔබ භාවිත කරන්නේ ගිණුමට ඔබ ලබාදුන් සාමාන්‍ය මුර පදයයි. බොහෝ විට එය මතක තබා ගැනීම පහසු වනු පිණිස තමාගේ දුරකථන අංකයක්, උපන්දිනයක්, විශේෂ දිනයක්, පෙම්වතියගේ/ පෙම්වතාගේ නම /උපන්දිනයක් , දරුවාගේ නම, මවගේ නම, තමාගේම නම වැනි දේ භාවිතා කරනවා. තමාගේ මුරපදයන් වෙනත් අයෙකුගේ අතට පත්වීමට හැකියාව ඇත්තේ මෙම අවස්තායි. වෙනත් අය යනු අප නොදන්නා අයම නොවේ. බොහෝ විට සිදුවන්නේ අප ලඟම සිටින කෙනෙකුගේ ප්‍රහාරයට අප ලක්වීමයි. එවැනි මුරපද ඔබ ගැන හොඳින් දන්නා කෙනෙකුට පහසුවෙන් අනුමාන කිරීමට හැකියාව තිබෙනවා. ඉන් පසු වෙන දේ ගැන මා අමුතුවෙන් පැහැදිලි කලයුතු නැතැයි සිතනවා. ඒ වගේම බොහෝ දෙනෙක් තමාගේ ෆේස්බුක් ගිණුම සාදාගන්නේ වෙනත් කෙනක් මාර්ගයෙන්. ඒ සඳහා යොදා ගන්නා ඊමේල් ලිපිනයත් එසේමයි. සාමාන්‍ය පරිදි ෆේස්බුක් මුරපදය මාරු කරගන්නා නමුත් ඊමේල් ලිපිනය අමතක කරනවා. ඔබ දැනගත යුතු බරපතලම දෙයනම් ෆේස්බුක් ගිනුමක වැදගත්ම කොටසක් වන්නේ ඊමේල් ලිපිනයයි. එයට ඇතුළු වීමට හැකි අයෙකුට ඔබේ ෆේස්බුක් ගිණුම අතට ගැනීමට ගත වන්නේ ඉතාමත් සුළු කාලයක්. මේ හේතුව නිසාම ඔබ ෆේස්බුක් ගිණුම වෙනත් අයෙකුට කියා සාදවා ගන්නවානම් අවසානයේ ඊමේල් ලිපිනයද ඔබ අතට පත් කරගන්න. එහි මුරපදයද මාරු කරන්න. එසේ නොමැතිනම් ඔබට ඇති ආරක්ෂාව ඉතාමත් අඩු බව හොඳින් සිහි තබාගන්න. ගිණුමේ ආරක්ෂාව වැඩි කරගැනීමට ෆෙස්බුක් නිර්මාණකරුවන් ක්‍රම කීපයක්ම අපට හඳුන්වා දී තිබෙනවා. මේ සියල්ලම හෝ එකක් හෝ භාවිත කිරීම ඉතාමත් සුදුසුයි.

Login Notification
මෙම අංගය නිසියාකාරව ක්‍රියා කිරීමට නම් දෙවන කොටස ක්‍රියාත්මක කර තිබිය යුතුයි. මෙහිදී ඔබ මීට පෙර අවස්ථාවක ෆේස්බුක් ගිණුමට ඇතුළුවීමට භාවිත නොකළ යම් උපකරණයකින් ඔබගේ ගිණුමට ඇතුළු වීම ඔබට දන්වා සිටිනවා ඊමේල් සහ කෙටි පණිවිඩ මගින්.


Login Approvals
මේ සඳහා ඔබ ඔබේ ජංගම දුරකථන අංකය ගිණුමට ඇතුලත් කර තිබිය යුතුයි. එය දැනටමත් ඔබ කර ඇති. මේ ආකාරයට සැකසු විට මුල්ම අවස්ථාවේදී ඔබේ දුරකතනයට කෙටි පණිවිඩයක් මගින් අංකයක් ලැබෙනවා. එය නැවත මෙම පිටුව වෙත ලබා දිය යුතුයි. ඉන් පසු ඔබ ඔබේ පරිගණක යන්ත්‍රය භාවිත කර ඇතුළු වීමේදී පහත ආකාරයට ඔබගෙන් ආරක්ෂක අංකයක් විමසනු ඇත. එම අංකයද ඒ වනවිට ඔබේ දුරකතනයට ලැබෙනු ඇති.

ආරක්ෂක අංකය ඇතුළු කල පසු පහත ආකාරයට ඔබ භාවිත කරන බ්‍රව්සරය මතක තබාගැනීමට අසයි. ඔබ විසින් Save Browser ලෙස ලෙස ලබා දුනහොත් නැවත වරක් ඔබ ගිණුමට ඇතුළු වීමේදී එම ක්‍රියාවලිය පසු කිරීමට ඔබට අවශ්‍ය නැත. එහෙත් වෙනත් තැනකින් ඔබ ගිණුමට ඇතුළුවීමට යන අවස්ථාවක ඔබ මේ අවස්ථා පසු කල යුතුමය. Don't Saveයන්න ලබා දුනහොත් නැවත නැවතත් ඔබ ඇතුල්වන සෑම අවස්ථාවකදීම ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රියාවලිය ඔබ විසින් පසු කල යුතුය.
බැරි වීමකින් හෝ ඔබ වෙනත් තැනකදී ඔබේ ගිණුමට ඇතුල් වන අවස්ථාවකදී ඔබේ දුරකථනය ළඟ නැතිවීම හෝ ක්‍රියා විරහිතනම් ඔබට තවත් අවස්ථාවක් මෙමගින් ලබා දේ. ඉහත Login Approvals පින්තුරයේ ආකාරයට ඔබට Get codes ස්ථානයෙන් හදිසි අවස්ථා සඳහා භාවිත කල හැකි අංක කීපයක් ලබා ගැනීමට හැක. එය පුද්ගලිකව තබා ගැනීමෙන් දුරකථනය නැතිව හෝ ගිණුමට ඇතුල්වීමට ඔබට අවස්ථාව ලැබේ.

Code Generator
ඔබ භාවිත කරන්නේ Android වර්ගයේ දුරකතනයක් නම් ඒ සඳහා වෙනම ආරක්ෂක අංක ලබා ගැනීමට මේ හරහා හැකියාව ලැබේ.



App Passwords 
ඔබගේ ෆේස්බුක් ගිණුම වෙනත් වෙබ් පිටු, ඇප්ලිකේෂන් සමග සම්බන්ධ කිරීමේදී ආරක්‍ෂාව සඳහා වෙනම මුරපදයක් සකස් කිරීමට මෙම කොටසින් හැකිය.


Trusted Contacts
ඔබේ මුර පද වෙනස් කිරීමට කිසිම අවස්ථාවක් නැති වූ විට ඔබේ විශ්වසවන්තයින් හරහා එය කරගැනීමටත් ඔබට අවස්ථාවක් තිබෙනවා. මෙම කොටසට ඔබට විශ්වාසවන්ත කීපදෙනෙක එකතු කර තැබීමෙන් ඔවුන් මගින් ඔබේ මුරපද වෙනස් කිරීමට ඔබට හැක.


Trusted Browsers
මුලින් සඳහන් කල Login Approvals මගින් ඔබ save කරගන්නා බ්‍රව්සර් මෙම ස්ථානයෙන් පෙන්වයි. අවශ්‍යනම් ඉවත් කිරීමටද ඔබට හැක.

මේ දේවල් නියමාකාරව අනුගමනය කිරීමෙන් පුළුවන් ඉතාමත් හොඳ ආරක්ෂාවක් ලබා ගන්න. ඒ වගේම තමයි ඊමේල් ගිණුමේ ආරක්ෂාව. ජීමේල් වලටනම් Login Approvals වැනිම අංගයක් තියෙනවා 2 step verification කියලා. ඒකත් මේ විදියටම හදාගන්න පුළුවන්. මමනම් සාමාන්‍ය දෙයක් විදියට ඒවා භාවිතා කරනවා. ඉතින් මේ සියලුම දේවල් හරියට කරගන්න පුලුවන්නම් අපේ ෆේස්බුක් ගිණුමට කිසිම කෙනෙකුට හොරෙන් ඇතුළු වෙන්න අනවසරයෙන් ගන්න කිසිම හැකියාවක් ලැබෙන්නේ නෑ.


මේ පෝස්ට් එක ගොඩක් යාළුවන්ට වැදගත් වෙන්න ඇති කියල මම හිතනවා. මේ වගේ තාක්ෂණික දැනුම දිගටම අපිත් එක්ක ලබාගන්න ඔයාලා කැමති නම් මතක ඇතුව අපේ පේජ් එක ලයික් කරන්න. මේ පෝස්ට් එක හොඳද නරකද කියලා ඔයාලගේ අදහස පහලින් comment කරගෙන යන්න. මේ පොස්ට් එක වැදගත් නම් ඔයාලගේ යාලුවන්ටත් බලන්න මේ පෝස්ට් එක මතක ඇතුව share කරන්න.

උපුටාගැනීම : ෆේස්බුක් එෆ්.අයි.ඒ

No comments:

Post a Comment

Total Pageviews