ටිකිරිගේ බ්ලොග් සටහන්, ඔබට අවශ්‍ය දැනුම යාවත්කාලීන කරගන්න..

Wikipedia

Search results

Friday, January 11, 2019

ඔබටත් මානසික පීඩනයද? කියවන්න දැනගන්න



මානසික පීඩනය ඇතිවූ විට 
ඇතැම් දෙනා සිතා සිටින්නේ මානසික පීඩනය ඇති වූ විට විකාර දොඩමින්, අරමුණක්‌ නැතිව ඇවිදිමින් ගත කරන පුද්ගලයන්ගේ තත්ත්වයට පත්වන බවය. මෙය මානසික පීඩනය උග්‍රවූ විට ඇතිවන උමතු හෙවත් සිහිවිකල් තත්ත්වයකි. නමුත් මානසික පීඩනය ඇතිවූ විට සිරුරේ ක්‍රියාකාරී වන ස්‌ට්‍රෙස්‌ හෝමෝනය (Stress Hormone) කායික සහ මානසිකව බොහෝ වෙනස්‌කම් මතුවේ. සිරුරේ ප්‍රතිශක්‌ති පද්ධතිය දුර්වලවේ. කෑම අරුචිය මතුවේ. බඩේ දැවිල්ල මතුවේ. සිරුරේ ඇතිවන තුවාල සුවවීමට කල්යයි. සිරුර තුළ මේදය තැන්පත්වීම වැඩිවේ. ශරීර වර්ධනය අඩුවේ. සිරුර වයස්‌ගත වීමේ ක්‍රියාවලින් ඉක්‌මන්වේ.


හිතේ ප්‍රශ්නයක්‌ තියෙනවිට හරිහැටි කෑමක්‌ බීමක්‌ ගන්න ආසාවක්‌ ඇති නොවන බව පවසන්නේ මානසික පීඩනය නිසාය. සිරුරේ ප්‍රතිශක්‌ති පද්ධතිය දුර්වලවීම නිසා මුහුණේ කුරුලෑ මතුවීම, සුළු අසනීපයකදී වුව එය උත්සන්නවීම ආදිය සිදු වේ.



සිරුර තුළ මේදය තැන්පත්වීම වැඩිවීම නිසා ඉතා පහසුවෙන් හෘදයා බාධා මතුවිය හැකිය. ආඝාතය (Stroke) ඇතිවීමට ඉඩකඩ බහුලය.



මානසික පීඩනය නිසා මතුවන මානසික වෙනස්‌කම්



දිගුකලක්‌ මානසික පීඩාවෙන් පෙළෙන පුද්ගලයකුගේ මතක තබා ගැනීමේ හැකියාව අඩුවේ. අවධානය එක තැන රඳවාගැනීමට අපහසුය. නිතර බිය සහගත සිතුවිලි මතුවේ. නිවැරදි තීරණවලට එළඹීමට නොහැකි වේ. පරාජිත සිතුවිලි නිතර සිත තුළ උපදී. නිතර වැළපීම ඉක්‌මනින් කෝපයට පත්වීම, තමා තනිවී ඇතැයි වැනි හැඟීමක්‌ මතුවීම වේ.



මානසික පීඩාව නිසා මතුවන කායික ලක්‍ෂණ



මානසික පීඩාවෙන් පෙළෙන විට මනස තුළ පමණක්‌ නොව ශරීරය තුළද විවිධ වෙනස්‌කම් මතුවේ. නිතර නිතර පපුවේ කැක්‌කුම ඇතිවීම, හෘද ස්‌පන්දනය වැඩිවීම, ආහාර පාන ගත් පසු උදරයේ වේදනාව හට ගැනීම, වමනයට ඒම, කැරකැවිල්ල, හිසරදය, ශරීරයේ දුබල බවක්‌ දැනීම, වැසිකිළි යැම අක්‍රමවත් වීම, කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, ලිංගික ආශාව අඩුවීම, රුධිරයේ සීනි ප්‍රමාණය අඩු වැඩිවීම ආදිය සිදුවේ.



මානසික පීඩනය නිසා මතුවන ජීවන රටාවේ වෙනස්‌කම්



මානසික පීඩනය නිසා එදිනෙදා තමා ගතකළ සාමාන්‍ය ජීවන රටාව වෙනස්‌වී යයි. එනම් ආහාර පාන අඩුවෙන් ගැනීම හෝ අධික ලෙස ආහාර පාන ගැනීම, නින්ද යැම අඩුකම හෝ අසාමාන්‍ය ලෙස දවසපුරා නිදා ගැනීම, අන් අයගෙන් ඈත් වී තනිව ජීවත්වීමට උත්සාහ කිරීම, වගකීම් පැහැර හැරීම හෝ නොසලකා හැරීම, මත්ද්‍රව්‍ය මත්පැන්වලට යොමුවීම ආදිය දැකිය හැකිය.



මතුව ඇති මානසික පීඩනය අවමකර ගැනීම



මෙවැනි අසාමාන්‍ය ජීවන රටාවන් ඇතිවන විට අප තුළ මානසික පීඩනයක්‌ මතුවී ඇතැයි කියා අවබෝධ කරගත හැකිය. එසේම අන් අයටද එය හඳුනාගත හැකිය. මෙලෙස ඇතිවූ මානසික පීඩනය සුවකර ගැනීමට ඖෂධ ප්‍රතිකාර සඳහා යොමුවීමට පෙර එය අපගේ හැසිරීම් රටාව පාලනය කර ගැනීම මගින් සුව කරගත හැකිය. එහිදී අප පළමුව කළ යුත්තේ වෙනදා පැවැති අපගේ සාමාන්‍ය ශාරීරික හා මානසික ක්‍රියාකාරකම්වලින් වෙනස්‌ වී ඇත්තේ මොනවාදැයි ක්‍රියා හඳුනා ගැනීමය. එම සාමාන්‍ය කටයුතුවල යම් වෙනසක්‌ මතුව ඇතිබව වටහාගත හැකිවූ විට දෙවනුව කළ යුත්තේ තමා පෙළෙන මානසික පීඩනයට හේතු වූ ප්‍රධාන කරුණ පිළිබඳව විමසා බැලීමය. එහිදී එය තමාට විශ්වාසවන්ත අයෙකුට පැවසිය හැකිය. එසේත් නැතිනම් මානසික උපදේශකවරයකු හමුවී තම ගැටලුව පැවසීම කළ හැකිය. කිසි විටෙකත් තමා තුළ පවතින මානසික පීඩනයට හේතු වූ ගැටලුව සඟවාගෙන සිටීම හොඳ නැත.



විභාගය අසමත් වේ යෑයි කියා පවතින ගැටලුව නිසා මානසික පීඩාවෙන් පසුවේනම් තමා තුළ එය අසමත්වීමට බලපා ඇති දුර්වලතා හඳුනා ගත යුතුය. ඉන් පසු එම දුර්වලතා නැතිකර ගැනීමට උත්සාහ කළ යුතුය. එසේම විභාගය අසමත් වුවහොත් ඉන්පසු තමා කිරීමට බලටාපොරොත්තු වන කටයුතු පිළිබඳව සැලසුමක්‌ සකස්‌ කරගත යුතුයි.



යම් කටයුත්තක්‌ සාර්ථක කර ගැනීම යනු එය ඉතා විශිෂ්ට ලෙස සිදුකිරීම නොවන බව වටහා ගැනීම වැදගත්ය. තමාගේ හැකියාව මත තමාගේ උපරිම ශක්‌තියෙන් එය ඉටු කිරීම ද සාර්ථකව යම් කටයුත්තක්‌ නිම කිරීම බව වටහාගත යුතුය.



නිදසුනක්‌ ලෙස විභාගය සමත්වීම යනු විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීම පමණක්‌ නොව සාමාන්‍ය ප්‍රතිඵල ලබා ගැනීමත් විභාගය සමත්වීමකි. විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට වෙහෙසී ඊට සමාන ප්‍රතිඵල ලබා ගැනීමද විශිෂ්ට ජයග්‍රහණයකි. එනිසා සැලසුමක්‌ ඇතිව නිවැරදි තීරණ ගැනීමට පෙළඹිය යුතුය.



අප බොහෝ දෙනකුට මානසික පීඩනයෙන් මිදීමට නොහැකි වී ඇත්තේ කාලය කළමනාකරණය කරගැනීමට නොහැකි වීමෙනි. දිනක්‌ තුළ තමා කළයුතු වැඩ කටයුතු පිළිබඳව සැලසුමක්‌ ඇතිකර ගත යුතුය. මුළු දවස පුරාම රාජකාරි කටයුතුවල නිරතවීම සඳහා පමණක්‌ කාලය වෙන්කළ යුතු නැත. විවේකය සඳහා තම හිතමිතුරකු සමඟ කතාබහ කිරීමට හෝ දූ දරුවන් පවුලේ සාමාජිකයන් සමඟ කතාබහ කිරීමටද කාලය වෙන්කර ගත යුතුය.



අප තුළ මතුව ඇති මානසික පීඩනය පාලනය කර ගැනීමට වඩා හොඳ විසඳුම වනුයේ පළමුව එම ගැටලුව ගැන සිතීම මදකට නැවතීමය. ඉන් පසු තමා කැමැති විනෝදාංශයක මදක්‌ නිරත විය යුතුය. ගීතයකට සවන්දීම, චිත්‍රපටයක්‌ නැරඹීම, ඇවිදීම, ක්‍රීඩාවක නිරතවීම, හිත මිතුරු සමඟ කථාබහක යෙදීම ආදිය කළ හැකිය. තමා තුළ චිත්‍ර ඇඳීමේ, සංගීත භාණ්‌ඩ වාදනය කිරීමේ, කවියක්‌, ගීතයක්‌ ලිවීමේ හෝ ගීතයක්‌ ගායනා කිරීමේ හැකියාව ඇත්නම් එහි පැයක්‌ පමණ නිරත විය හැකිය. එවිට මානසික පීඩාවට හේතුවී ඇති ගැටලුවෙන් මදකට ඈත් විය හැකිය. එවිට ගැටලුවට විසඳුමක්‌ සෙවීමට ද පහසුවේ.




මානසික පීඩනයේ ප්‍රතිවිපාක

සෞඛ්‍ය ගැටලු

මානසික විඩාව

නින්ද නොයෑම

මානසික අවපීඩනය

සබඳතා පලුදු වීම

 මානසික පීඩනයක් දැනෙද්දී අපේ ශරීරයෙන් නිකුත් වන හෝමන නිසා හුස්ම ගැනීමේ වේගය, හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය වැඩි වෙනවා. ඒ වගේම ශරීරයේ තැන්පත් වෙලා තියෙන රුධිර සෛල සහ ග්ලූකෝස් අපේ රුධිර සංසරණ පද්ධතියට එකතු වෙනවා. පීඩනයට හේතු වන දේට මුහුණ දෙන්න ඔබව සූදානම් කරන්නේ එම ක්‍රියාවලියයි. පීඩනයට හේතු වූ දේ නැති වුණාට පස්සේ ඔබේ ශරීරය නැවත සාමාන්‍ය තත්වයට පත් වෙනවා. ඒත් එය දිගටම තිබුණොත් කනස්සල්ල හෝ පීඩනයත් දිගටම තියෙයි. එය ඔබව මානසිකවත් ශාරීරිකවත් ලෙඩ කරනවා. ඒ නිසා මානසික පීඩනය පාලනය කරගන්නේ කොහොමද කියලා දැනගන්න එක වැදගත්.

මේ පෝස්ට් එක ගොඩක් යාළුවන්ට වැදගත් වෙන්න ඇති කියල මම හිතනවා. මේ වගේ තාක්ෂණික දැනුම දිගටම අපිත් එක්ක ලබාගන්න ඔයාලා කැමති නම් මතක ඇතුව අපේ පේජ් එක ලයික් කරන්න. මේ පෝස්ට් එක හොඳද නරකද කියලා ඔයාලගේ අදහස පහලින් comment කරගෙන යන්න. මේ පොස්ට් එක වැදගත් නම් ඔයාලගේ යාලුවන්ටත් බලන්න මේ පෝස්ට් එක මතක ඇතුව share කරන්න.

Source : Internet

No comments:

Post a Comment

Total Pageviews