ටිකිරිගේ බ්ලොග් සටහන්, ඔබට අවශ්‍ය දැනුම යාවත්කාලීන කරගන්න..

Wikipedia

Search results

Tuesday, January 8, 2019

මුහුණේ හැඩයට අනුව ඇහි බැම සකසා ගන්නා ආකාරය ඔබටත් ගැටලුවක්ද...



ඇහි බැමි හැඩය දෑස්වල කාන්තිමත් බව තවත් වැඩි කරවන්නක්. ඇහි බැම ස්වාභාවිකව අපට හිමි වුණත් එය තමාට ගැළපෙන ලෙස සැකසීමට දැනගැනීම වැදගත්.








ඇහිබැමි හැඩය

ඇහිබැම වැවීම ස්වාභාවිකවම සිදුවන්නක්. එහි හැඩය රවුම් හෝ ත්‍රිකෝණාකාර (Triangle) විය හැකියි. ඒත් මුහුණේ හැඩය අනුව එහි ත්‍රිකෝණ හා රවුම් හැඩය තීරණය වෙයි. රවුම් හැඩැති මුහුණකට නම් ත්‍රිකෝණාකාර හැඩ ඇහිබැමක් සකසා ගැනීම වඩා සුදුසුයි. නමුත් උල් හැඩැති මුහුණකට උචිත වන්නේ දේදුනු හැඩ ඇහිබැමකි.


ඇහිබැමේ ඝනත්වය
ඇහිබැම නිවැරැදිව සකසන විට එහි නියමිත දිග ප්‍රමාණයද ඔබ දැන සිටිය යුතුයි. නාසයේ ඍජු රේඛාවේ සිට ඇසේ කොන එය මැන බලන නිවැරැදි ක්‍රමවේදයයි.
ඇහිබැමි නිවැරැදිව වක්‍ර හැඩය ලබා ගත යුතු වන්නේ මේ ආකාරයටයි. ඇහිබැම අඩු වශයෙන් වැවෙන්නේ නම් තද දුඹුරු eyebrow  පැන්සලෙන් ඒ මත කඩ ඉරක් ඇඳ යාකර ඇහිබැම අලංකාර කරගත හැකියි.


ඇහිබැම ඇඳීම
ආසියානු කාන්තාවන්ගේ ඇහිබැම ඇඳීමට වඩාත් සුදුසු වන්නේ කළු, දුඹුරු මිශ්‍ර වර්ණයයි (dark brown)  එම වර්ණවලින් ඇහිබැම මත කඩ ඉරි ඇඳ eyebrow brush  එකෙන් එය හොඳින් පීරා පිළිවෙළට සකසා ගන්න.


ඇහිබැම ඝනව නොවැඩෙන විට
ස්වාභාවිකවම ඇහිබැම තුනිව තිබීම හෝ වර්ධනය නොවීමත් ගැටලුවකි. ඇහිබැම මත ඔලිව් තෙල් හා විටමින් E  කරලක් මිශ්‍ර කර හොඳින් ආලේප කර සම්බාහනය කිරීමෙන් පසුව නින්දට යන්න. ඇහිබැම වර්ධනය කර ගැනීමට මෙය කදිම සත්කාරයක්.


ඝනව වැඩුණු ඇහිබැම
ඇස අවට සංවේදී නිසා ඝනව වැඩුණු ඇහිබැම ගැලවිය යුතු වන්නේ Twizer  එකකිනි. නැතිනම් සම රැලි වැටිමද සිදුවිය හැකියි. කෙස් ගස ගැලවිය යුතු වන්නේද ඒවා වැවුණු දෙසටමය.


මනාලියකගේ ඇහිබැම
මනාලියකගේ කොණ්ඩය, සම මෙන්ම ඇහිබැමි හැඩය ගැනත් සැලකිලිමත් වෙන්න. එහි හැඩය සිහින් වීම සුදුසු නැත. මුල මහතට ගෙන අග තරමක් සිහින් වන සේ වක්‍රාකාරව සකසා ගන්න.



උපුටාගැනීම : මව්බිම

1 comment:

Total Pageviews