පෞද්ගලික උපකාරක පංතියක සුපුරුදු ප්‍රේමණීය සිදුවීමක් සිදු විය. පෙම්වතුන් යුවලක් එකට හිඳ බත් මුලක් ලිහා ගෙන කන අයුරු පංතියේ ගුරුවරයා දකියි. නිතරම මොවුන්ගේ පෙම දකින ගුරුවරයාටද දෙදෙනාව හොඳින් මතකය. කාලය කෙමෙන් ගත විය. විභාගයද අවසන් වී වසර කිහිපයක් ගත විය. දිනක් හදිසියේම තරුණයෙකු මෙම ගුරුවරයා හමු වීමට පැමිණෙයි. මේ වන විට ගුරුවරයාට මොහුව තරමක් අමතක වී තිබුණි. හඬ අවදි කළ තරුණයා තම ගුරුවරයාට අතීතය මතක් කරන්නට විය. නමුත් තරුණයා තනිව පැමිණ ඇති බැවින් ගුරුවරයාට තරමක ගැටළුවක් පැන නගියි. ඔහු තරුණිය පිළිබඳ විමසයි. ටික මොහොතක් නිහඬව සිටි තරුණයා තම දුක්බර කතාව ගුරුවරයාට පවසයි.
“සර්, එයා විභාගෙ හොඳට පාස් වෙලා කැම්පස් ගියා. ඒත් මම...”
ඔහුගේ මුහුණේ ගැබ් වී තිබුණු කතාව ගුරුවරයාට අවබෝධ වෙයි.
“ඔහොම තමයි ජීවිතේ. එක් වීම්. වෙන් වීම්. ජය. පරාජය. පුතා දැන් මොකද කරන්නේ?” යනුවෙන් ගුරුවරයා ඔහු සනසයි.
“මම සර් ප්‍රයිවට් කම්පැණි එකක වැඩ.” යනුවෙන් ඔහු පිළිතුරු දෙයි.
පසු කලෙක මෙම සිදුවීම ඉතා ජනප්‍රිය ගීතයක් බවට පත් වයි. ඒ ප්‍රවීණ ගායක අමරසිරි පීරිස් විසින් ගයනු ලබන හන්තානට පායන සඳ ගීතයයි.
හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න
තම පෙම්වතිය සරසවි වරම් ලැබුවද තමා විභාගය අසමත් බැවින් ඇය තමන්ගෙන් ඈත් වීමට වෙර දරයි. කාරණාව වටහා ගත් ඔහු තම ආදරිය වෙත ලිපියක් ලියයි. ඇය වෙසෙන පේරාදෙණිය සරසවියේ ලස්සන ගැන විමසන ඔහු ඇයට ලැබුණු වරම පිළිබඳ ඇයට සුභ පතයි. අතීතයේ තමා සමඟ පෙමින් වෙලී තුරුළු වී පාරේ ගිය හැටි මතක් කරයි.
අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න
ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න
නමුත් ඔහු සත්‍ය තත්ත්වය දනියි. ඇය තමාගෙන් ඈත් වී ඇති බව තේරෙයි. එහිදී ඔබට සුදුසු පෙම්වතෙක් ඔබ වෙත එයි. එසේ එන කල මා අමතක කර ඔහු සමඟ සදාකාලික පෙමින් සිටන සේ කියා සිටියි.
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න
නමුත් ඔහු සත්‍ය තත්ත්වය දනියි. ඇය තමාගෙන් ඈත් වී ඇති බව තේරෙයි. එහිදී ඔබට සුදුසු පෙම්වතෙක් ඔබ වෙත එයි. එසේ එන කල මා අමතක කර ඔහු සමඟ සදාකාලික පෙමින් සිටන සේ කියා සිටියි.

Slots - Newest slot machines casinos! - Wooricasinos
ReplyDeleteSlots · Playtech · Evolution Gaming 토토사이트목록 · NetEnt nba betting odds · Rival Gaming · 야구 분석 Betsoft 점심 메뉴 룰렛 · op사이트 Parimatch · Playwin · Playwin.