ටිකිරිගේ බ්ලොග් සටහන්, ඔබට අවශ්‍ය දැනුම යාවත්කාලීන කරගන්න..

Wikipedia

Search results

Monday, January 14, 2019

ගැලපෙනම ලැප්ටොප් පරිගණකය තෝරාගන්නේ කෙසේද?


පරිගණක වෙළඳ පොල ඉතා විශාල වශයෙන් විවිධත්වයෙන් යුතුවෙනවා. තෝරා ගැනීමට විවිධ වෙළඳ ලකුණෙන් විවිධ මාදිලියේ විවිධ ප්‍රභේදයන් ගෙන් යුත් පරිගණක බොහෝමයක් අද දකින්නට පුලුවන්. මේ අතරින් ඔබගේ සියලු අවශ්‍යතාවයන්ට සරිලන පරිගණයක් තෝරා ගැනීම නිසියාකාර දැනුමකින් තොරව නම් ඉතා අසීරු කාර්යයක් වන බවට විවාදයක් නැත. සමහරවිට ඔබ දැනටමත් එම අත්දැකීමට මුහුණ දී ඇති. බොහෝ දෙනා වියදම් කල හැකි මුදල් ප්‍රමාණය මූලික කොට ගෙන පරිගණකයක් මිලදී ගන්නට සිතත් සමහරවිට එය ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට නොගැලපිය හැකියි. මෙම වෑයම ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමේදී ඔබ වඩාත් සෑහීමට පත්වෙන ලෙස ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම උදෙසා ඔබට අත්වැලක් සැපයීමටයි.

ඩෙස්ක්ටොප් පරිගණකයක් වෙනුවට ලැප්ටොප් පරිගණකයක් වෙත බොහෝ දෙනා යොමු වන්නේ එය එහා මෙහා ගෙන යා හැකි නිසයි. නමුත් ලැප්ටොප් පරිගණකවල ජනප්‍රිය භාවය නිසාම අද ඩෙස්ක්ටොප් පරිගණක වෙනුවට භාවිතා කල හැකි ඒ හා සමාන කාර්යක්ෂමතාවයකින් යුත් ලැප්ටොප් පරිගණක පවා දක්නට ලැබෙනවා. කෙසේ වුවත් කලින් සඳහන් කල පරිදි ලැප්ටොප් පරිඝණකයක් මිලදී ගැනීමේදී වියදම් කල හැකි මුදල් ප්‍රමාණය පමණක් සලකා බැලීම ප්‍රමාණවත් නොවේ. ඒ සමඟම සිතා බැලිය යුතු කරුණු කිහිපයක් ඇත. පරිගණකයක් මිලදී ගැනීමට පෙර
වියදම් කල හැකි මුදල් ප්‍රමාණය
වර්තමාන ආර්ථික මට්ටම සැලකිල්ලට ගැනීමේදී මෙය සලකා බැලිය යුතුම කාරණයක් බවට පත්ව තිබෙනවා. සෑම දෙනෙක්ම තමන්ගේ මුදල් පසුම්බියට සරිලන පරිගණයක් මිලදී ගැනීමට කටයුතු කළ යුතුයි.

පරිඝණකය භාවිතා කරන්නේ කුමන අවශ්‍යතා සඳහාද
ඔබ විසින් පරිගණකයක් මිලදී ගන්නා විට අනිවාර්යෙන්ම සලකා බැලිය යුතු කාරණයක් ලෙසයි මා මෙය දකින්නේ. මන්ද මේ වන විට වෙළඳපොලේ ඒ ඒ කාර්යයට සරිලන ලෙස පරිගණක නිපදවා ඇති හෙයින්.

නිතරම පරිඝණකය එහා මෙහා ගෙනයනවද නැද්ද යන වග
ඔබ විසින් පරිගණකයක් මිලට ගන්න විට ඔබ නිතරම පරිගණකය එහා මෙහා ගෙන යනවාද යන කාරණයත් සලකා බැලිය යුතුයි, මන්ද ඒ සඳහාම සරිලන පරිගණක වෙළඳපොලේ ඇති හෙයින්.

විදුලියට සම්බන්ධ නොකර භාවිතා කිරීමට අවශ්‍ය වන අවම කාලය
ඔබේ ලැප්ටොප් පරිගණකයේ බැටරියේ ධාරිතාවයද සලකා බැලිය යුතු කරුණක් වශයෙන් පෙන්වා දිය හැකියි. ඔබට විදුලියට සම්බන්ධ නොකර භාවිතා කිරීම සඳහා එය ඉතා වැදගත්.

ඔබට පහසු තිර ප්‍රමාණය
ලැප්ටොප් පරිගණකයක් තෝරා ගැනීමේදී ඔබට සරිලන තිර ප්‍රමාණය පිළිබඳවද සැලකිලිමත් වන්න.

තොරතුරු රැඳවීමට කෙතරම් ඉඩ ප්‍රමාණයක් අවශ්‍යද යන වග
ඔබට තොරතුරු ගබඩා කිරීම සඳහා කොතරම් ඉඩ ප්‍රමාණයක් අවශ්‍යද යන වග

අවශ්‍ය කවුළු (ports) හා ඉදිරියට තවත් අංග එක් කිරීමට අවශ්‍යද යන වග
තවත් අමතර අංග ඔබේ ලැප්ටොප් පරිගණකයට එක් කිරීමට අවශ්‍යද යන වග.

පරිගණකයෙහි තිබිය යුතු ආරක්ෂාව
මෙය පරිගනකයක සලකා බැලිය යුතු අනිවාර්ය අංගයක් ලෙස සැලකිය හැකියි.

Warranty
පරිගණකය සඳහා ලැබෙන වගකීම් කාලය පිළිබඳව පරිගණකය මිලදී ගන්නා වෙළඳ ස්ථානයෙන් විමසා දැනගන්න. මෙය පසුවට ඔබේ පරිගණකයේ ඇතිවන දෝෂ තත්වයන් වලදී වැදගත් වේවි.

1 comment:

Total Pageviews