ප‍්‍රවේණික දෝෂයක් ඇති වුණාම කලබල නොවෙන්නෙ කවුද ? එය නැවත සකස් කරන්නට බැරි නිසාත්, එයින් අවැඩක්ම මිස සිදුවන හොඳක් ගැන හිතාගන්නට වත් බැරි නිසාත් ප‍්‍රවේණික දෝෂ වලට අප කවුරුත් බයයි.
ඒත් කලාතුරකින් අවස්ථාවකදී ප‍්‍රවේණික දෝෂත් හොඳට සිදු වෙනවා කීවොත් ඇතැම් විට ඔබ මවිතයට පත් වේවි. ඒත් කතාව ඇත්තයි. කම්මුල් වල ගැහෙන එක  (Dimples) කාන්තාවන්ට අලංකාරයක් එක් කරනවා. ඒ නිසා ඇය හිනැහෙන විට අපූරු සුන්දරත්වයක්ද ඇති වෙනවා. මේ නිසා වළ ගැසුණු කම්මුල් බොහෝ කාන්තාවන් සළකන්නේ ආභරණයක් ලෙසයි. ඒත් සැබෑව නම් වළ ගැසුණූ කම්මුල් උරුම වන්නේ ප‍්‍රවේණික දෝෂයක් විදිහටයි. අන්න ඒ නිසයි කලාතුරකින් වූවත් ඇතැම් ප‍්‍රවේණික දෝෂත් හොඳට සිදුවන බව කියන්නේ…
ශරීරයට අලංකාරයක් ගෙන දෙන වළ ගැසීම් (Dimples) ප‍්‍රධාන වශයෙන් තුනක් තිබෙනවා. කම්මුල් සහ නිකටේ වළ ගැසීම් කෙනෙකුට තිබෙනවා නම් කාටත් එය දැකිය හැකියි. පිටේ පාදමට වන්නට ශ්‍රෝණි මේඛලාවට උඩින් වළ ගැසීමක්ද ඇති වෙනවා. මෙයත් සුලබව දක්නට ලැබෙන අලංකාරවත් වළ ගැසීමක්. ඒත් පිටේ ඇතිවන Dimples එක තවත් කෙනෙක් දකින්නේ කලාතුරකින්.
ප‍්‍රවේණිය අනූව මේ අලංකාරවත් වළ ගැසීම් පැහැදිලි කරන්නට පුළුවන්. ඒ අනූව බලන විට මේ අලංකාරවත් වල ගැසීම් අග‍්‍රස්ථ ගති ලක්ෂණයක් (Dominant Trait) එකක් විදිහට තමයි මවගෙන් හෝ පියාගෙන් දරුවෙකුට උරුම වන්නේ. මෙහි අරුත වන්නේ මව හෝ පියා යන එක් අයෙකුගේ තිබෙන ජානයක් මුල් වීමෙන් මේ ගති ලක්ෂණය දරුවෙකුට උරුම විය හැකි බවයි. මව හෝ පියා යන දෙදෙනාගෙන් එක් අයෙකුට මේ දෝෂසහගත ජානය තිබෙනවා නම් උපදින දරුවාටත් මේ වළ ගැසීම ඇතිවිමේ සියයට 25-50ක ඉඩක් තිබෙනවා. මව පියා යන දෙදෙනාටම එකී ජානය තිබෙනවා නම් දරුවාටත් එය උරුම වීමේ හැකියාව සියයට 50-100ක්.
මව පියා දෙදෙනාටම මේ ජානය නැත්නම් දරුවාට ඔවුන්ගෙන් එම ගති ලක්ෂණය උරුම වීමේ ඉඩක් නෑ. ඒත් කලාතුරකින් අවස්ථාවකදී මව හෝ පියා යන දෙදෙනාටම Dimple නොතිබියදීත් Spontaneous mutation නමැති ක‍්‍රියාවලිය නිසා දරුවා වළ ගැසුණූ කම්මුලක්, නිතඹක් ඇතිව උපත ලැබීමේ යම් හැකියාවක් තිබෙනවා.
කම්මුලේ වළ ගැසීම් ගැන සොයා බැලූවොත් මේවා ඇති වන්නේ කම්මුලේ දෙපැත්තේමයි. එක් කම්මුලක විතරක් වළ ගැසීම තරමක් විරල සිදු වීමක්. හඳුනාගෙන තිබෙන ආකාරයට මේ Dimple හැදීමට හේතුවන ජානය – ඒ කියන්නෙ ජාන විකෘතිය ඇති වන්නේ
ලිංගික වර්ණදේහයේයි. විද්‍යාත්මකව මේ විකෘතිය ගැන පහදා දුන්නොත් මෙය ඇති වන්නේ කුසයේ ඉන්නා සමයේ එම ස්ථානවල සමට යටින් ඇති සම්බන්ධක පටක වල විකසණාත්මක සංවර්ධනයේ අඩුලූහුඩුතාවයක් ඇතිවීම නිසයි.


පුංචි කාලෙම මේ වළ ගැසීම ඇතැම් විට දක්නට ලැබෙන්නේත් නෑ. ඒත් ලොකු මහත් වුණාම… මුහුණේ සෙසු අවයව පිරී යන විට අර කී ප‍්‍රවේණික අඩුලූහුඩුතාවය නිසා පෙරකී කම්මුල් වල නිකටේ වැනි ස්ථාන වල පමණක් වළ ගැසීමත් ඇති වෙන්න පුළුවන්.
නිතඹ ප‍්‍රදේශයට ඉහළින් ඇතිවන වළවල් මුහුණේ ඇතිවන වළ ගැසීම් වලටත් වඩා සුලබයි. අලංකාරයේ… සුන්දරත්වයේ දෙවග න ලෙස සළකන වීනස් දෙවගන පිටුපස වළ ගැසීම් ඇසුරේද මේ Dimple විස්තර කෙරෙනවා.Dimples of Venus, sacral dimples, or Pilonidal dimples ආදී වශයෙන්ද මේ පිටුපස වළ ගැසීම් හදුන්වා දුන් අවස්ථා දැක්වෙනවා.

මේ පෝස්ට් එක ගොඩක් යාළුවන්ට වැදගත් වෙන්න ඇති කියල මම හිතනවා. මේ පෝස්ට් එක හොඳද නරකද කියලා ඔයාලගේ අදහස පහලින් comment කරගෙන යන්න. මේ පොස්ට් එක වැදගත් නම් ඔයාලගේ යාලුවන්ටත් බලන්න මේ පෝස්ට් එක මතක ඇතුව share කරන්න.

උපුටාගැනීම : වෛද්‍යවරයා පිටුව